ඔබේ ගමනේ ආරම්භය - හමුවන්න, ඉගෙන ගන්න, දැනුම බෙදාගන්න

ඔබ දැනගෙන හිටියද ලෝකයේ භාෂා 6500 කට වඩා කතා කරනවා කියල?  ලෝක ජනගහනයෙන් 15% කටත් වඩා අඩු සංඛ්‍යාවක් තමා ඉංග්‍රීසි කතා කරන්නෙ.  තාක්ෂණික ලියකියවිලි සහ පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් ගත්තම, සියලුම තාක්ෂණික ආයතන ඉංග්‍රීසි භාෂාවෙන්  සහ වෙනත් භාෂා අතළොස්සකින් පමනයි තාක්ෂණික ලියකියවිලි සහ පුහුණු වැඩසටහන් සපයන්නෙ. උදාහරණයක්  හැටියට මයික්‍රොසොෆ්ට් ලර්න් (Microsoft Learn) වෙබ් අඩවියේ, ඩයිනමික්ස් 365 (Dynamics 365), පවර් ඇප්ස් (Power Apps) සහ පවර් ඔටෝමේට් (Power Automate) පුහුණුව ලබා ගත හැක්කේ භාෂා 5 කින් පමනයි. (ඉංග්‍රීසි, ජපන්, ජර්මානු, ස්පඥ, සහ ප්‍රංශ). මෙය ආවරණය කරන්නේ ලෝක ජනගහනයෙන් 28% ක් පමනයි.  ලෝක ජනගහනයෙන් 72% කට මයික්‍රොසොෆ්ට් ව්‍යාපාර යෙදුම් (Business Applications) සඳහා වටිනා පුහුණු වැඩසටහන් ලබාගන්න විදිහක් නැහැ. අනෙකුත් ප්‍රමුඛ තාක්‍ෂණ වේදිකාවලත් (Platforms) කතන්දරේ මෙකමයි. සේල්ස්ෆෝර්ස් ට්‍රේල්හෙඩ් (Salesforce Trailhead) ලබා ගත හැක්කේ භාෂා 6 කින් පමනයි. ලෝකයේ  තියෙන මේ මෙම දැවැන්ත පරතරය පිරවීම සඳහා බිස්ඇප්ස් ගුරු (BizApps Guru) කණ්ඩායම කුඩා පියවරක් ගන්නයි හදන්නෙ.

ඇයි BizApps.Guru?

BizApps.Guru කියන්නේ වර්තමාන සහ අනාගත ව්‍යාපාරික යෙදුම් (Business Applications) වෘත්තිකයන් සහ අවසන් පරිශීලකයින් (End Users) සඳහා බහු භාෂා අධ්‍යාපන වේදිකාවක්. අපගේ ඉලක්කය, Business Applications ශේස්ත්‍රයේ විශේෂඥයන් සහ ඔවුන්ගේ භාෂාව කතාකරන අති නවීන Cloud-based තාක්ෂණයන් ඉගෙන ගැනීමෙන් තම වෘත්තිය වර්ධනය කර ගැනීමට අපේක්‍ෂා කරන පුද්ගලයින් සමඟ සම්බන්ධ කිරීමයි. මෙම වේදිකාව මඟින් ලොව පුරා සිටින ගුරුවරුන්ට ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් සමඟ ඔවුන්ගේ භාෂාවෙන්  සම්බන්ධ වීමට පුළුවන්.  අන්තර්ජාල පුහුණු වැඩසටහන්, සමාන අදහස් ඇති පුද්ගලයින් සම්බන්ධ කර ගැනීමට ප්‍රජා සංසදයක් (Community Forum) සහ ගුරුවරුන්ට බෙදා ගැනීමට බ්ලොග් වේදිකාවක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා.

ව්‍යාපාරික යෙදුම් (Business Applications) ගැන ඉගෙන ගන්න ඕනෙ ඇයි?

වලාකුළු පරිගණකකරණය (Cloud Computing), සේවාවක් වශයෙන් යටිතල පහසුකම් (Infrastructure as a Service), සේවාවක් වශයෙන් වේදිකාවක් (Platform as a Service) සහ සේවාවක් වශයෙන් මෘදුකාංග (Software as a Service) විසඳුම් පාවිච්චි කරල,  අපි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMB), රාජ්‍ය සහ විශාල ව්‍යාපාර වලට, විසඳුම් සැලසුම් කරන හා ගොඩනඟන ආකාරය දැන් වෙනස්.  බොහෝ ව්‍යාපාර වලාකුළු පරිගණකකරණයේ තියෙන වටිනාකම වටහාගෙන ඔවුන්ගේ මෘදුකාංග Cloud එකට ගෙනියන ගමන ආරම්භ කරලා තියෙන්නෙ.

වලාකුළු පරිගණකකරණය (Cloud Computing) සමහර කර්මාන්තය කඩාකප්පල් කළා පමණක් නෙමෙයි, තොරතුරු තාක්‍ෂණ ශේස්ත්‍රයේ නව වෘත්තීය මාර්ග සහ රැකියාද නිර්මාණය කලා. වලාකුළු පරිගණකකරණයෙන් හදපු  Business Applications සපයන්නන් වන මයික්‍රොසොෆ්ට් (Microsoft) සහ සේල්ස්ෆෝර්ස් (Salesforce) ඔවුන්ගේ වේදිකා (Platform) සඳහා කර්මාන්තයේ නව භූමිකාවන් නිර්මාණය කරලා තියෙනවා. උදාහරණයක් හැටියට, මයික්‍රොසොෆ්ට් ඩයිනමික්ස් 365 (Microsoft Dynamics 365), පවර් ප්ලට්ෆොර්ම් (Power Platform) සහ ඇෂර් (Azure) වේදිකා සඳහා පද්ධති නිර්මාණ ශිල්පීන් (Solutions Architects), ක්‍රියාකාරී උපදේශකයින් (Functional Consultants), තාක්ෂණික උපදේශකයින් (Technical Consultants), දත්ත විද්‍යාඥයන් (Data Scientists) සහ පද්ධති පරිපාලකයින් (System Administrators) අවශ්‍ය වේ. ඩයිනමික්ස් 365 (Dynamics 365), පවර් ප්ලට්ෆොර්ම් (Power Platform) වේදිකා වල ඉහළ වර්ධනයක් සමඟ ව්‍යාපාර යෙදුම් (Business Applications) ක්‍රියාත්මක කිරීමේ කුසලතා සඳහා ඇති ඉල්ලුම වෙන කවරදාටත් වඩා ඉහලයි. මීළඟ ඩොලර් බිලියන 10 යේ වලාකුළු ව්‍යාපාරය (Cloud Business) සඳහා පවර් ඇප්ස් (Power Apps) නිපදවීමේ මයික්‍රොසොෆ්ට් එකේ ඉලක්කය සඳහා ලොව පුරා දක්ෂ තාක්‍ෂණ විශේෂඥයන් අවශ්‍යයයි. සාර්ථක වෘත්තියක් සමඟ ව්‍යාපාර යෙදුම් විශේෂඥකු වීමේ ඔබේ ගමනට BizApps.Guru ඔබට උදව් කරන්නයි අපි බලාපොරුත්තු වෙනනෙ.

ප්‍රථම වරට සිංහල බසෙන් කෙරෙන Dynamics 365 සහ Power Platform Business Applications හමුව සඳහා අදම ලියාපදිංචි වන්න 👉 BizApps.Guru Sinhala (සිංහල) Edition

අප හා එක් වන්න!

ඔබ සිංහල භාෂාව කථා කරන ව්‍යාපාර යෙදුම් (Business Applications) පිළිබඳ විශේෂඥයෙක් නම් සහ ඔබේ ප්‍රජාවේ නායකයෙකු ලෙස සමාජයට වෙනසක් කිරීමට කැමති නම්, අපට කතාකරන්න.

විද්යුත් තැපෑල: නදීජ බෝමිරිය සහන් විජයසේකර ප්‍රබාත් ෆොන්සේකා 

Close

50% Complete

Join Us to Grow Your Career

Join BizApps.Guru today to get free access to Business Applications Meetups in your language and Online Learning programs.